ලබන වසරේ ඒක පුද්ගල බද්ද ඉහළ යන්නේ මෙහෙමයි.
2023 වසරට වඩා ලබන වසරේ රටේ ශ්‍රම බලකායෙන් එක් පුද්ගලයෙක් රුපියල් 12,000ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවෙන බව ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ, රජයේ සේවකයෙකුට රුපියල් 10,000ක් ලබාදීමට යෝජනා කළත් බදු වශයෙන් රාජ්‍ය සේවකයෙකුට රුපියල් 12,000ක් ගෙවන්න සිදුවෙන බවත්,2024 වසර වෙනුවෙන් එකතු වන බදු ආදායම රටේ ජනතාවගෙන් බෙදූ විට එක් පුද්ගලයෙක් පෙර වසරට වඩා රුපියල් 4650 ක් බදු වශයෙන් ගෙවිය යුතු බවත්ය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ,2023 අයවැයේ යෝජනා 77 න් 69 ක් ක්‍රියාතමක කර නොමැති බවත් 2024 අයවැයෙත් යෝජනා 70 ක් තිබෙන බවත් මෙම යෝජනා ද ක්‍රියාත්මක කරයි කියා රටේ ජනතාව තුළ විශ්වාසයක් නැති බවත්ය.