නයා සහ මුගටියා දැන් එකම පිඟානේ - රෝහිතගෙන් දේශපාලන වේදිකාව ගිනියම් වේ

Report

ජීවිතේ කිසිදා එකට වාඩිවී දේශපාලනය නොකළ පිරිස් පවා මේ වන විට එකම කඳවුරකට එක්වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ “හොරුත් බොරුත් එක මිටකට පරදවමු” යන මැයෙන් පැවති රැස්වීමකට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉස්සර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබූ දේශපාලන භේදය දැඩි වූ බවත්, නයයි මුගටියයි වගේ තත්ත්වයක් තිබූ බවත්ය.

“දැන් බලන්න රාජිත සේනාරත්න ඇමතිතුමයි, නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි එකට කතා කර කර ඉන්නවා. සාගල රත්නායක ඇමතිතුමාත් මේ පැත්තේ ඉන්නවා. අපි ඔක්කොම එක කඳවුරක හිටියේ”

යනුවෙන් ඔහු පැවසීය.

තවද, තමන් අතර පක්ෂභේද මත වෛරයක් නොතිබූ බවද සඳහන් කළ මන්ත්‍රීවරයා, එක කඳවුරක සිට වත්මන් මර්දනකාරී ආණ්ඩුවට මුහුණ දිය යුතු ආකාරය ගැන සිතා බැලිය යුතු බවද අවධාරණය කළේය.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

ඇතුළට යන්න පෝලිමේ ඉන්න ලෑස්ති වෙන්න - ප්‍රභූ පන්තිය කලබල වුණ රහස ලාල්කාන්ත හෙළි කරයි

ඇතුළට යන්න පෝලිමේ ඉන්න ලෑස්ති වෙන්න - ප්‍රභූ පන්තිය කලබල වුණ රහස ලාල්කාන්ත හෙළි කරයි

රට හදන්න විපක්ෂයේ දක්ෂයොත් ඕනෑ.. වසන්තගෙන් විවෘත ආරාධනාවක්

රට හදන්න විපක්ෂයේ දක්ෂයොත් ඕනෑ.. වසන්තගෙන් විවෘත ආරාධනාවක්