පළාත් පනින්න හැකි අය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

Police Provincial boundaries cross
By Aruna Aug 19, 2021 06:45 AM GMT
Aruna

Aruna

Report

ඊයේ සිට දැඩි කෙරුණු නව සංචරණ නීති රීති යටතේ පළාත් සීමා මායිම් හරහා ගමන් කළ හැකි අවසරලත් ඒකක හතක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන කෝවිඩ් 19 පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් සීමා මායිම් තරණය කිරීමට අවසර දෙනු ලබන අත්‍යාවශ්‍ය සේවා අංශ වන්නේ සෞඛ්‍ය සේවා, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව,රාජ්‍ය අංශයේ නිලධාරීන්, අත්‍යාවශ්‍ය නිල චාරිකා සඳහා,අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්,උපයෝගිතා සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන්නන්,සමීපත ම පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් සඳහා ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි),වරායන් වෙත භාණ්ඩප්‍රවාහනය සහ ගුවන් තොට වෙත ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි) යන අයට යි.

මීට අමතර ව හුදකලා කරන ලද ප්‍රදේශවල වෙසෙන අත්‍යාවශ්‍ය සේවා සේවකයින් සුවිශේෂී අවස්ථාවන්හි දී හැර භෞතික ව සේවයට වාර්තා කිරීම දැඩි ලෙස අධෛර්යමත් කරන ලෙසත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha