සියලුම දිස්ත්‍රික්කවල අහඹු පී.සී.ආර් (VIDEO)

covid19 isolated infections quarantine PCR test
By Sewvandhi Jun 16, 2021 04:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකරන්නැයි ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් දී තිබේ.

ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (16) අනාවරණය කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ලබන සෙනසුරාදා වනවිට වෛරසයේ සමාජය තුළ පැතිරීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බවය.

ජුනි 14 වැනිදා සිදුවූ කොවිඩ් මරණ 55ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,315 දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය 55 දෙනාගෙන් 44 දෙනකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර සෙසු 11දෙනා වයස අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවූවන් වේ.

ඒ අතර කාන්තාවන් 22 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 33 දෙනෙකු ද සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now