මෙවර අයවැයෙන් මේ බදු සීමාව ඉහළ දැමීමට තීරණයක් - ජනපතිම කියයි

Report

ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය ලේඛනය මඟින් උපයන විට ගෙවීමේ බදු සීමාව ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (07) කොළඹදී පැවැති ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ආර්ථිකයට විශාලතම දායකත්වයක් සපයන්නේ පෞද්ගලික අංශය බවත්, එම අංශයේ සේවකයන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවෙන් රැඩිකල් තීරණයක් - මෑන්පවර් ක්‍රමය අහෝසි කිරීමට නව නීති

කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවෙන් රැඩිකල් තීරණයක් - මෑන්පවර් ක්‍රමය අහෝසි කිරීමට නව නීති

පෞද්ගලික ආයතන සහ ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මූලික වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව ද උන්වහන්සේ පැවසීය.

ලොව පුරා කාන්තාවන් 300ක් ශ්‍රී ලංකාවට එන්නේ ඇයි? - සුප්‍රසිද්ධ ‘Raid Amazones’ යළිත් එයි

ලොව පුරා කාන්තාවන් 300ක් ශ්‍රී ලංකාවට එන්නේ ඇයි? - සුප්‍රසිද්ධ ‘Raid Amazones’ යළිත් එයි

එමෙන්ම, මීට පෙර රුපියල් ලක්ෂයේ පැවැති PAYE බදු සීමාව රුපියල් ලක්ෂ එකහමාර දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව මතක් කළ ජනාධිපතිවරයා, ඉදිරි අයවැය ලේඛනය මඟින් ද එම සීමාව යම් ප්‍රමාණයකින් ඉහළ දමා ඉහළ වැටුප් ලබන සේවකයන්ට බදු සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලුම අංශවල සේවකයන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතුව පවතින බවත්, එම වගකීම රජය නොපිරිහෙළා ඉටුකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.