කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවෙන් රැඩිකල් තීරණයක් - මෑන්පවර් ක්‍රමය අහෝසි කිරීමට නව නීති

Report

මෙරට ක්‍රියාත්මක 'මෑන්පවර්' සේවක ක්‍රමය අහෝසි කිරීම සඳහා වත්මන් රජය නව නීති සම්පාදනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අද (07) කොළඹදී පැවැත්වෙන ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සෘජුවම රැකියාවක නිරත වෙමින් තම ශ්‍රමය ලබාදෙන සේවකයෙකු වෙනුවෙන් අතරමැදියෙකුට මුදල් ගෙවීමේ ක්‍රමවේදය රජය පිළිනොගන්නා බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

එමෙන්ම මෑන්පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කරගැනීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා ගෙන ගිය අරගලය තවදුරටත් ශක්තිමත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කොළඹ යටවූ හදිසි ගංවතුරට කඩිනම් විසඳුම් - නගරාධිපතිනි ව්‍රේ කැලි බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක්

කොළඹ යටවූ හදිසි ගංවතුරට කඩිනම් විසඳුම් - නගරාධිපතිනි ව්‍රේ කැලි බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක්

ජනපති ප්‍රධානත්වයෙන් අද කොළඹදී විශේෂ සමුළුවක් - වෘත්තීය සමිති නියෝජිතයනුත් එක්වෙයි

ජනපති ප්‍රධානත්වයෙන් අද කොළඹදී විශේෂ සමුළුවක් - වෘත්තීය සමිති නියෝජිතයනුත් එක්වෙයි