ලොව පුරා කාන්තාවන් 300ක් ශ්‍රී ලංකාවට එන්නේ ඇයි? - සුප්‍රසිද්ධ ‘Raid Amazones’ යළිත් එයි
ජාත්‍යන්තර කාන්තා ත්‍රාසජනක ක්‍රීඩා තරගාවලියක් වන ‘Raid Amazones’ මෙවරත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම ආරම්භ කර තිබෙනවා.
2026 වසරේ තරගාවලිය සඳහා තරගකාරිනියන් 300කට ආසන්න පිරිසක් එක්ව සිටින අතර, ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විවිධ ක්‍රීඩා හා අභියෝගාත්මක ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 5 වැනිදා කළුතර මැලිස් සීෆුඩ් අවන්හල ආශ්‍රිතව පැවති ඔරු පැදීමේ තරගයකට ප්‍රංශ තරගකාරිනියන් පිරිසක් ද එක්ව සිටි බව වාර්තා වනවා.
කාන්තාවන් සඳහාම වෙන්වූ මෙම ජාත්‍යන්තර ත්‍රාසජනක ක්‍රීඩා තරගාවලිය තුළින් ක්‍රීඩාශීලීත්වය, අභියෝගවලට මුහුණදීම සහ කණ්ඩායම් හැඟීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන තිබෙනවා.
විදෙස් තරගකාරිනියන් 300කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවැනි ජාත්‍යන්තර ඉසව්වක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම මෙරට සංචාරක ක්ෂේත්රයටත් විශේෂ අවධානයක් දිනාදෙන සිදුවීමක් වනවා.