පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් - පිරිසක් රෝහලේ
By Sithumi
පයාගල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් හතරදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසියට තුවාල ලැබූ සිසුවකුගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.
අද පෙරවරුවේ සිසුන් අතර ඇති වූ යම් සිද්ධියක් සම්බන්ධයෙන් පාසලේදී විදුහල්පතිවරයා විසින් අවවාදකරන අවස්ථාවේ සිසුන් දෙපිරිස අතර මෙම ගැටුම හටගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පයාගල පොලිසිය ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |