දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළි රිමාන්ඩ් කරයි..

Police spokesman Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Dec 27, 2023 07:45 AM GMT
Aruna

Aruna

Report

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත්කිරීම සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ලබන ජනවාරි මස 03 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ගියමස 30 වන දා පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 8ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබු‍ණා.

ඒ අනුව දෙසැම්බර් 01 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දීමක් සිදු කර ඇති අතර, එසේ පැමිණි අවස්ථාවේ දී යි ඔහු අත්අඩංගුවට ගැනුණා.

ReeCha