සාමාන්‍ය පෙළ විභාගය සියලුම සිසුන් සමත් කරන්න යයි..අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්..
2028 වසරෙන් පසුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කිසිදු සිසුෙවකු අසමත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර සිටිනවා.
ඒ අනුව දරුවන්ට සාමාන්‍ය පෙළින් පාසල් හැර යම අවශ්‍ය අතර ඔවුන්ගේ අධ්‍යයනය හෝ වෘත්තිය පුහුණුව සමග තවත් වසර දෙකක් පාසලේ ඉගෙනුම ලැබිය හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
විදුලි පාපැදි බෙදා දීමේ උත්සව සභාවක් අමතමිනි, අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
ශ්‍රී ලංකාවේ අදටත් ඇත්තේ බි‍්‍රතාන්‍ය පාලනය යටතේ හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය බවත් බ්‍රිතාන්‍යයේ පවා අද වන විට එම විෂය මාලාවන් දක්නට නැති බවත් පැවසූ ඔහු ඒ අනුව අධ්‍යාපනය විශාල පරිවර්තන ක්‍රියාවලියකට ලක් කරන බවයි ප්‍රකාශ කර සිටියේ.