අද සිට 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

Report

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (09) ආරම්භ වේ.

අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

අද දිනයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය සුරක්ෂණ ගිවිසුම පිළිබඳ යෝජනාව සම්මත කිරීමට නියමිතය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු අතර, ඒ සඳහා ඡන්ද විමසීම අද පස්වරු 5.00ට පැවැත්වේ.

මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට රතු නියෝග, සෑම දිනකටම රුපියල් 500,000ක අමතර දඩයක්

මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට රතු නියෝග, සෑම දිනකටම රුපියල් 500,000ක අමතර දඩයක්

හෙට (10) දිනයේ සමථකරණ, සිවිල් සහ වාණිජ ආරවුල් පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, අනිද්දා (11) ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

මේ අතර, ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබාදෙන නිල නිවාස හෝ මාසික දීමනා ඉවත් කිරීමට යෝජිත මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක් ගොනු කර තිබේ.

ආණ්ඩුව හාල් මැස්සෝ හිරේ දාන්නේ.. අපි සැලෙන් නෑ - අපි කෙළින් පිරිසිදුව ජීවත් වෙන කට්ටිය - සුජීව

ආණ්ඩුව හාල් මැස්සෝ හිරේ දාන්නේ.. අපි සැලෙන් නෑ - අපි කෙළින් පිරිසිදුව ජීවත් වෙන කට්ටිය - සුජීව

නාමල් දැන් ජනප්‍රියයි.. ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත

නාමල් දැන් ජනප්‍රියයි.. ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත