අයවැයෙන් පස්සේ ලැබුණ දිවා භෝජනය - හැබැයි පිරිසක් ඇවිත් නෑ.. තේ පැන් සංග්රහයට මොකද ඊයේ වුණේ?. (VIDEO)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Sri Lanka
Budget 2024 - sri lanka
By krishani
ඊයේ (13) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් 2024 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ඉන් අනතුරුව එනම් ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා දිවා භෝජන සංග්රහයක් පිරිනමනු ලැබීය.
එම දිවා භෝජන සංග්රහයට ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් සහභාගී නොවීය.
නමුත් වාර්තා වන්නේ සමගි ජන සන්ධානය නියෝජනය කරන ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් එයට සහභාගී වූ බවයි.
කෙසේ වෙතත්, අයවැය කතාවෙන් පසු සාම්ප්රදායිකව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා තේ පැන් සංග්රහයක් පවත්වනු ලබයි.
නමුත් ඊයේ දහවල් කාලයේ දී ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒ වෙනුවට දිවා භෝජන සංග්රහයක් පිරිනමනු ලැබිණ.
වීඩියෝ දර්ශන - Hiru News