අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹෙයි(LIVE).
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මේ වන විට ආරම්භවී තිබෙනවා.
විවාදය පෙරවරු 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5යි 30 සිට 6 දක්වා කාලය සභාව කල්තැබීමේ විවාදයක් සඳහා වෙන්කර තිබෙනවා.
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ විවාදය මේ මස 22 වනදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදු කරනු ඇති.
23 වන දා සිට දෙසැම්බර් මස 8 වනදා දක්වා අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතර 8 වනදා පස්වරුවේ තුන්වනවර ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.
සජීවී විකාශනය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |