ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් අති විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් හට නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් කර ඇති බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මින් පෙර අවස්ථාවලදී ද අධි ආරක්ෂිත කලාප තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන යානා ක්‍රියා කරවූ පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගෙන ඇති බවයි.

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

ඒ අනුව, මෙරට තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයින් අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව නිසි අවසර ලබාගෙන පමණක් එම කටයුතුවල නිරත විය යුතු බව ගුවන් හමුදාව අවධාරණය කරයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ඩ්‍රෝන යානා ක්‍රියා කරවන්නන් නීතිමය ගැටලුවලට හෝ වෙනත් අපහසුතාවලට පත්වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් හමුදාව මෙම දැනුවත් කිරීම සිදු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සුභ ආරංචියක් - තෙල් මිල පහළට - ඉරාකයෙන් කොල එළියක්

සුභ ආරංචියක් - තෙල් මිල පහළට - ඉරාකයෙන් කොල එළියක්