පාර්ලිමේන්තු පරිශ්‍රයට නාඳුනන පිරිස පැමිණෙයි.. වීඩියෝ කරයි.. මන්ත්‍රීවරු බය බිරාන්ත වෙයි.. එහි සිදු වූ දේ මෙන්න.. (VIDEO)
පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය නොවන පිරිසක් ඇතුළු වී ඇතැයි හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
අද(17) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියේ,
"කථානායකතුමනි පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට මන්ත්‍රීවරු හා කාර්ය මණ්ඩලය නොවන කිහිපදෙනෙක් ඇවිත් වීඩියෝ කරනවා ටෙලිෆෝන් අරගෙන.අපේ දැන් කමිටු රැස්වීම තිබුණා ආණ්ඩු පක්ෂයේ ඒ ස්ථානයටත් පැමිණියා.ඒක නිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කවුද ඒ පිරිස කියලා හොයලා බලන්න කටයුතු කරන්න.වහාම ඒ පිරිස පිළිබඳ සොයා බලා ඔවුන් ඉවත් කරන්න කටයුතු කරන්න.සමහරු බයෙන් ඉන්නවා එන්න කථානායකතුමනි."
විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |