මන්ත්‍රීවරුන් දෙදෙනකු මුඛ ආවරණ නො පැලඳ වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් විවාදයක් (VIDEO)
පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුහුණු ආවරණ නොපැළඳීමේ චෝදනාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාදයක් ඇති වුණා.
මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වී ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා වාරයේදී මුඛ ආවරණ පැළඳ නොසිටීම සියලුම මන්ත්‍රීවරුන්ට ආසාදනය වීමේ තර්ජනයක් විය හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේ ඊයේ රාත්‍රියේ අනුරාධපුර ජනාධිපති නිල නිවසේදී ආණ්ඩු පක්ෂය විසින් 2000කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උපන්දින සාදයක් පැවැත්වූ බවයි.
එම සාදයට පැමිණි ඇතැමුන් අද පාර්ලිමේන්තුවේ සිටින බව පවසමින් ඔහු ප්‍රශ්න කළේ එය පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතර වෛරසය පැතිරීමේ තර්ජනයක් නොවන්නේ නම් යන්නයි. අනතුරුව රණතුංග අමාත්‍යවරයා සහ රාජකරුණා මන්ත්‍රීවරයා අතර උණුසුම් බහින් බස්වීමක් ද ඇති විය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
