ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් දින 16ක් - පාර්ලිමේන්තුවෙන්ම අරඹයි
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 සනිටුහන් කිරීමේ ගෝලීය ව්‍යාපාරය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මඟින් අද (24) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල ලාංඡන පැළඳවීමට කටයුතු කර තිබෙනවා.
ඒ පිළිබඳව අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය කියා සිටියේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෞරවණීය ආකාරයට ජීවත් වීම මනුෂ්‍ය හිමිකමක් බව ලෝකයම පිළිගන්නා කාරණයක් බවයි.
එසේම ඇය පැවසුවේ ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු දෙනාටම හිංසාවෙන් තොරව ජීවත්වීමට අයිතියක් ඇති බවත් අනෙකාව හිංසනයට ලක්නොකර ජීවත්වීම අපේ වගකීමක් වන බවත් ය.
ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 වැඩසටහන අදින් ආරම්භ වන අතර එය දෙසැම්බර් 10 දක්වා පැවැත් වෙන බව සඳහන්.
ඊට සමගාමීව ලංකාව පුරාම විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බව ද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියා.
තවද ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෞරවයෙන් ජීවත් වීම මනුෂ්‍ය හිමිකමක් යන්න පදනම් කරගනිමින් 1991 වසරේ පටන් මේ පිළිබඳව ලෝකය පුරාම සාකච්ඡාවට ලක්ව ඇති බවද ඇය පැවසුවා.
එහිදී ඇය තවදුරටත් අවධාරණය කළේ ඩිජිටල් අවකාශය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගෙන හිංසනය පිටු දැකීම එනම් තාක්ෂණය භාවිතයෙන් සිදුවන හිංසනයන් වළක්වා ගැනීමට මෙම වසර නම් කර ඇති බවයි.
එමෙන්ම දේශපාලනික වශයෙන් පරස්පර මත, එකිනෙකාට තිබිය හැකි වුවද අනෙකාගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින්, ඔවුන් හිංසනයට ලක්වන අයුරින් වෛරී ප්‍රකාශ සිදු කිරීම නතර කිරීම පාර්ලිමේන්තුව තුළින් ආරම්භ කළ යුතු බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.