පොලිස් සිරමැදිරියේ මියගිය පුද්ගලයාගේ දේහය ගැන බිරිඳ කියූ පුදුමහිතෙන දේ.

Police Sri Lanka Panamure
By Aruna Nov 19, 2021 02:21 AM GMT
Aruna

Aruna

Report

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවූ දේ පවුල් ආරවුල් පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන සිටියදී, පනාමුර පොලිසියේ සිර මැදිරිය තුළ දී මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, ඔහුගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම අදාළ පුද්ගලයාගේ සිරුර භාර ගැනීම ද බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු වන අතර, ඔහු මීට පෙර ද අවස්ථා දෙකකදී පවුල් ආරවුල් හේතුවෙන් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මිට පෙර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.

ඊට ප්‍රතිචාර දැක්වූයේ මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරය සඳහන් කලේ මෙය උද්ගොෂණයට සම්බන්ධ නොවන බවයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha