මෙව්වද පිංකම්? විහාරාධිපති හිමිගේ බැංකු ගිණුමෙන් කෝටි දෙකකට වැඩිය ඇදලා

Report

පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙකෝටි අටලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබා ගැනීමේ අපරාධයක් හේතුකොටගෙන සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අද රෑට රටම අදුරට? මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලය දැඩි තීරණයක

අද රෑට රටම අදුරට? මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලය දැඩි තීරණයක

අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් ගම්පහ, ජාඇළ, මිනුවන්ගොඩ සහ ඒකල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33-46ත් අතර වන පුද්ගලයන් වේ.

විහාරාධිපති හිමියන් විසින් කල පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පවසයි.

එම පැමිණිල්ලේ සදහන් වන ආකාරයට විහාරාධිපති හිමියන් විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක සිය බැංකු ගිණුම පවත්වාගෙන යමින් තිබූ අතර මීට කලකට පෙර උන්වහන්සේගේ හැඳුනුම්පත අස්ථාන ගත වී ඇත.

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මෙම සැකකරුවන් විසින් එම බැංකුවේම වෙනත් බැංකු ශාඛාවක කිහිප වරක්ම උන්වහන්සේගේ ගිණුමෙන් මුදල් සිය ගිණුම් වෙත මාරු කරගෙන පසුව මුදල් ලබා ගෙන ඇති බවයි.

අදාල අපරාධයට සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනා මේ වනවිට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්