එක්දින තරගාවලියේ ජය පාකිස්ථානයට
තරග තුනකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා - පාකිස්ථාන එක්දින තරගාවලියේ ජය වාර්තා කිරීමට පාකිස්ථානය අද (14) සමත් වුණා.
ඒ ශ්‍රී ලංකා පිල කඩුළු 08කින් පරාජය කර දෙවැනි එක්දින තරගයේ ජයත් තමන් සතු කර ගැනීමෙන්.
ලකුණු 289ක පිළිතුරු ඉලක්කයක් හඹාගිය පාකිස්ථානය පන්දුවාර 48.2ක් අවසානයේ කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 289ක් රැස් කරගනිමින් මෙම තරගයේ ජය හිමිකර ගත්තා.
මෙහිදී විශිෂ්ඨ ඉනිමක් පාකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකළ බාබර් අසාම් නොදැවී ලකුණු 102*ක් ලබා ගනිමින් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
ෆකාර් සමාන් ලකුණු 78ක්ද, සයිම් අයුබ් ලකුණු 33ක්ද, මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 21*ක්ද රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 02ක් දවා ගත්තා.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, එහිදී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 288ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.
එහිදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 24ක්ද, කමිල් මිෂාර ලකුණු 27ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 20ක්ද, සධීර සමරවික්‍රම ලකුණු 42ක්ද, නායක චරිත් අසලංක ලකුණු 06ක්ද, ජනිත් ලියනගේ ලකුණු 54ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක්ද, වනිඳු හසරංග නොදැවී ලකුණු 37*ක්ද, ප්‍රමෝද් මධුෂාන් නොදැවී ලකුණු 11*ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් හරිස් රවුෆ් සහ අබ්රාර් අහමඩ් කඩුළු 03 බැගින්ද, මොහොමඩ් වසීම් එක් කඩුල්ලක්ද දවා ගත්තා.