පාකිස්තානයට ලකුණු 289ක ඉලක්කයක්
ශ්රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පින්ඩිහිදී අද (14) පැවැත්වෙන දෙවන එක්දින ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ප්රථමයෙන් පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 288ක් රැස් කිරීමට සමත් විය.
එහිදී ජනිත් ලියනගේ ලකුණු 54ක් රැස් කළ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් හා සධීර සමරවික්රම ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.
එමෙන්ම කමිල් මිෂාර ලකුණු 27ක් ලබා සිටිය දී දැවී ගිය අතර පැතුම් නිස්සංක ද ලකුණු 24ක් ලබා සිටිය දී දැවී ගියේය.
