පාකිස්තානයට යළිත් ත්‍රස්ත භීතියක්...

Pakistan Afghanistan World
By Aruna Aug 23, 2024 01:00 AM GMT
Aruna

Aruna

Report

ත්‍රස්තවාදී කණ්ඩායම් වන Tehreek-i-Taliban Pakistan (TTP) සහ Lashkar-i-Islam (LI) යන ත්‍රස්තවාදී කණ්ඩායම්වල සන්නද්ධ සාමාජිකයින් ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ මුර සංචාරයේ යෙදීමත් සමඟ පාකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ සමහර ප්‍රදේශවල භීතිය පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, නැගී එන ආතතීන් මධ්‍යයේ, Khyber Pakhtunkhwa හි පදිංචිකරුවන් තම ආරක්ෂාව සඳහා නිම්නයේ ආරක්ෂාව වැඩි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි පකිස්තාන මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස විශේෂ වෙනස් වීම මෙන්න.. .

අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස විශේෂ වෙනස් වීම මෙන්න.. .


තම ආරක්ෂාව සඳහා නිම්නයේ ආරක්ෂාව තර කරන ලෙස ජනතාව බලධාරීන්ට බල කර ඇති ඉල්ලීම් අනුව ඊට ප්‍රතිචාර වශයෙන් පළාතේ පාලක රජය මෙහෙයුම් කිහිපයක් දියත් කර ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ඵලදායී වී නොමැති අතර, සාමාන්‍ය ජනතාව එහි අවදානම සහ වගකීම දරා සිටින බව ඩෝන් පුවත්පත පවසන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ReeCha