පහන්තුඩා යුවලට සිර දඬුවම් නියම කෙරේ..

balangoda court order alpitiya pahanthudava couple video
By Sewvandhi Oct 02, 2021 02:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක්කල හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 3ක සිරදඩුවමක් අධිකරණය විසින් නියම කර තිබේ.

ඔවුන් දෙදෙනා එම වරද පිළිගත් හේතුවෙන් රුපියල් 10800ක දඩයක් සහ මාස තුනක සිර දඬුවම් නියම කර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට මෙම දඬුවම නියම කර තිබේ.

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති පහන් තුඩාව පසුබිම් කරගෙන අසභ්‍ය විඩියෝවක් රෑගත කර එය අන්තර්ජාලයට මුදා හැරියා යැයි කියන යුවල 16 දා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රැපියල් 50,000 ක බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා නියෝග කලා.

පසුගිය දිනවල මහත් අන්දෝලනයක් ඇති කරමින් අන්තර්ජාලයට මුදා හැර තිබුන බලන්ගොඩ පහන් තුඩාව දිය ඇල්ල අසල රැගත කරන ලද අසභ්‍ය විඩියෝ සමිබන්දයෙන් ලද පැමිණිලි මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම යුවල අත්අඩංගුවට ගනු ලැබිය.

මහරගම සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි යුවලක් එලෙස ඇප මත මුදා හැරි අතර එම නඩුව ඔක්තෝබර් මස 01 වනදා යලි කැදවන ලෙද මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය. 

මෙම සිද්ධිය මහ සංඝරත්නය තුළ මෙන් ම පරිසර හිතකාමී පිරිසගේ ද දැඩි අවධානයට මෙන්ම දෝෂදර්ශනයට ද ලක්විණි. ඒ අසැබි ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් මාධ්‍ය තුළ සංසරණය වීමත් සමගිනි. එම වීඩියෝවේ සටහන් වී තිබුණේ තරුණ යුවළක් පහන්තුඩාව ඇල්ල සමීපයේ පිහිටි ගල්තලාවක් මත නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරයයි.

මෙම නිරුවත් වීඩියෝව නිසා වැඩියෙන් අම අපහසුතාවට පත්වූයේ පූජක පක්ෂයයි. දූ, දරුවන්, වැඩිහිටියන් මින් කලබලයට පත්වූ අතර මේ බව මාධ්‍ය මගින් හෙළි කිරීමත් සමග මුළු රටේ ම අවධානය මෙම වීඩියෝ පටය වෙත යොමු විය. මින් තිගැස්සීමට පත්වූ බොහෝ මවුපියන් එම වීඩියෝ පටය ජංගම දුරකතන හරහා සිය දරුවන් අතට පත්වීම වළකා ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයකට පත්විය.

ඊට හේතු වූයේ මේ දිනවල මාර්ගගත අධ්‍යාපන ක්‍රමය මගින් අධ්‍යාපන කටයුතු හදාරන හෙයින් ඔවුනත ජංගම දුරකතන නිතර ගැවසෙන බැවිනි. රටේ සදාචාර සංස්කෘතික විනාශ කරන්නා වූ මෙම වීඩියෝ පටය ගැන විවිධ කතා ඇති කරමින් යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක බලධාරීන්ගේ දෙනෙත් ඒ සඳහා යොමු කරද්දී ඇතැම් පිරිස් තම තමන්ගේ පෞද්ගලික නිදහස පිළිබඳ තර්ක විතර්ක ද ගෙන හැර පෑහ.

බටහිර සංස්කෘතියට මෙම සිදුවීම අතිශයෝක්තියක් නොවූව ද බෞද්ධ බහු සංස්කෘතික සමාජයක් පවතින රටකට මෙම සිදුවීම අනුමත කළ හැකිද යන්න සිතීම උගහටය. කෙසේ වෙතත්, මේ පිළිබඳව දැනුවත්වීමත් සමග ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කළේය.

පහන්තුඩාව අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ පොලිස් වසමේ සමනල ගම පොලිසියටය. මෙම නිරුවත් වීඩියෝව දුටු සමනල වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතා මේ බව උසස් නිලධාරීන් දැනුවත් කොට රහස් පොලිසියේ පරිගණක විමර්ශන කොට්ඨාසය ද මේ සම්බන්ධයෙන් දැනුවත් කළේය.

ඒ අතරතුර දම්සක් පදනමේ සභාපති ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංශ හිමි ද මෙම නිරුවත් වීඩියෝව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද පැමිණිලි කළහ. මෙම අභාග්‍යසම්පන්න ක්‍රියාව අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගැන අසුබ ආරංචියක් පැතිර යාම බවත් මෙහි වඩාත් ඛේදනීය තත්ත්වය වනුයේ ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන් ද මෙවැනි දර්ශන නැරඹීමට යොමුවීම බව ද පෙන්වා දී ඇති උන්වහන්සේ මේ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ප්‍රාදේශීය සභාපතිවරයාත් සමනල වැව පොලිසියෙනුත් ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha