හමුදා සෙබළු පිරිසක් යට කළ ඉන්ධන බවුසරය (VIDEO)

jaffna padeniya anuradhapura road abagaswewa wishvamadu army camp
By Sewvandhi Jul 05, 2021 10:19 AM GMT
Report

ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටීමෙන් අද (05) අලුයම සිදුවූ අනතුරකින් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වි තවත් සෙබලුන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම අනතුර සිදුව තිබුණේ පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේදී. යාපනය සහ විශ්වමඩු හමුදා කඳවුරුවල සිට හමුදා සාමාජිකයින් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය අඹේපුස්ස හමුදා කඳවුර වෙත ගමන් කරන අතරතුර අඹගස්වැව ප්‍රදේශයේදී මාර්ග අයිනේ නවතා ගිමන් හැර තිබේ.

හමුදා සාමාජිකයින් රථය පිටුපස සිටියදී වේගයෙන් පැමිණි බවුසර් රථයක් හමුදා සාමාජිකයින් අනතුරට ලක් කරමින් ට්‍රක් රථයේ ගැටී ඉදිරියට ධාවනය වී ඇත.

බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවෙන්නට ඇති බවට පොලීසිය සැක කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now