වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව පානීය ජලය - ජල ගැටලුවක් ඇත්නම් ජනතාව කළ යුතු දේ ගැන දැනුම්දීමක්

Report

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල හිඟයට මුහුණ දී සිටින ජනතාවට ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා පවසයි.

අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත එක් පුද්ගලයෙකු සඳහා දිනකට නිකුත් කරන පානීය ජල ප්‍රමාණයද වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව මීට පෙර එක් පුද්ගලයෙකු සඳහා දිනකට ලබාදුන් ජලය ලීටර් 6ක ප්‍රමාණය ලීටර් 15ක් දක්වා ඉහළ නංවා තිබේ. එමෙන්ම, පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට ජලය සැපයීම සඳහා අවශ්‍ය ළිං සහ අනෙකුත් ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු සඳහාද අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන ඇති බව ප්‍රගීත් ධනංසූරිය මහතා සඳහන් කළේය.

තරුණ තරුණියන්ට සුභ ආරංචියක් - 20,000කට වෘත්තීය පුහුණුව ලබාදීමට රජයෙන් සූදානම්

තරුණ තරුණියන්ට සුභ ආරංචියක් - 20,000කට වෘත්තීය පුහුණුව ලබාදීමට රජයෙන් සූදානම්

ඒ අනුව අදාළ කටයුතු සිදුකිරීම සඳහා බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් ලබාදී තිබේ. ඉදිරියේදී පවතින තත්ත්වය අනුව අවශ්‍යතාව මත තවදුරටත් ප්‍රතිපාදන මුදාහැරීමටද කටයුතු කරන බව ඔහු පැවසීය.

මේ අතර, පානීය ජලය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබාදීමට පියවර ගත හැකි බවද ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මුහුද රළු වී සුළං වේගයත් ඉහළ යයි - නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

මුහුද රළු වී සුළං වේගයත් ඉහළ යයි - නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්