පුනර්ජනනීය විදුලි ජනනයට කාණ්ඩ 3කින් අලුත් පෝෂක අයක්රමයක්- මහජන උපයෝගීතා කොමිසමෙන් තීන්දුවක්.
පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්රකාශයට පත් කිරීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇත.
එම කොමිසම සඳහන් කළේ ඒ අනුව උපයෝගිතා කොමිසම විසින් පනවන ලද කොන්දේසිවලට යටත්ව පෝෂක ගාස්තු හෙට (25) දින සිට බලාත්මක වන බවයි.
උපයෝගීතා කොමිසම පැවසුවේ මෙම පෝෂක අය ක්රමයට අදාළ ක්රමවේදය සහ මිල ගණන් තීරණය කර ඇති බවත්ය. විදුලි ජනනයේ ස්වභාවය මත කාණ්ඩ 3ක් යටතේ නව පෝෂක අයක්රමය ප්රකාශයට පත් කර ඇත.
අතර එම කාණ්ඩ වනුයේ පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා පෝශක අය ක්රමය, විදුලි පාරිභොගිකයින් සඳහා පෝෂක අය ක්රමය, බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර සඳහා පෝෂක ගාස්තු ක්රමය වේ. ඒ අනුව එම කාණ්ඩ සඳහා නව පෝෂක අයක්රමය පහතින්,

