ලොව විශාලතම මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල බෙයිජිං නුවරදී- රටවල් 16කින් රොබෝවරුන් 2,000ක් එකම පිටියට
By Kanchana
දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උළෙල චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ වී ඇත පසුගිය 24 දින ආරම්භ කර අගෝස්තු අද (26) දක්වා පැවැති මෙවර තරඟාවලිය සඳහා ලොව රටවල් 16කින් කණ්ඩායම් 666ක් සහ රොබෝවරුන් 2,056 දෙනෙකු ඉදිරිපත්ව ඇත.
මෙවර තරඟාවලිය සැලකෙන්නේ, මේ දක්වා වන විශාලතම මානවරූපී රොබෝ තරඟාවලිය ලෙස ඇත ප්‍රථමවරට පැවැත්වෙන මානවරූපී රොබෝ කඹ ඇදීමේ තරඟය මෙන්ම දුර පැනීම, බර ඉසිලීම ඇතුළු තරඟ රැසක් මෙවර පවත්වා ඇත
.මෙහිදී රොබෝවරුන්ගේ චලන පාලනය, බල සංවේදනය, සම්බන්ධීකරණය සහ තීරණගැනීමේ හැකියාවන් දැඩි පරීක්ෂාවට ලක්කිරීමට නියමිතව ඇත.
රොබෝවරුන්ගේ විවිධ කුසලතා මෙහිදී පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒ හරහා රොබෝවරුන් සැබෑ මිනිසෙකු මෙන් විවිධ මෙවලම් භාවිතයට ද හුරුවනු ඇතැයි ද අපේක්ෂා කරනු ලබයි