දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 260,000 පනී – සැකකරුවන් 260,660ක් අත්අඩංගුවට

Report

දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ මෙහෙයුමට අදාළව 2025 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ සමස්ත වැටලීම් 261,375ක් සිදු කර ඇති අතර, එහිදී සැකකරුවන් 260,660 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1,025 දෙනෙකු සහ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සැකකරුවන් 3,427 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 236කට රතු නිවේදන - විදෙස්ගත අපරාධකරුවන්ට ජාත්‍යන්තර දැලක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 236කට රතු නිවේදන - විදෙස්ගත අපරාධකරුවන්ට ජාත්‍යන්තර දැලක්

මීට අමතරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 2,399 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර, නීති විරෝධී ලෙස වත්කම් උපයාගත් සැකකරුවන් 406 දෙනෙකුට එරෙහිව විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මෙහෙයුම් කාල සීමාව තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2,263.547ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,683.079ක්, ගංජා කිලෝග්‍රෑම් 9,483.301ක්, ගංජා පැළ 15,236,403ක්, කුෂ් කිලෝග්‍රෑම් 1,657.530ක්, මෙතඩෝන් කිලෝග්‍රෑම් 1,188.317ක්, මාවා කිලෝග්‍රෑම් 450.117ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 397.729ක්, කොකේන් කිලෝග්‍රෑම් 293.862ක් සහ මත්පෙති 4,478,274ක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ලංකාවම බයෙන් හිටපු විනාසේ වෙන්න ද යන්නේ? ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති ඉරාන නෞකා ගැන රජයෙන් දැනුම්දීමක්

ලංකාවම බයෙන් හිටපු විනාසේ වෙන්න ද යන්නේ? ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති ඉරාන නෞකා ගැන රජයෙන් දැනුම්දීමක්

මේ අතර, 2024 සැප්තැම්බර් 23 වන දින සිට මේ දක්වා දීර්ඝ කාලීනව සිදු කරන ලද සමස්ත මෙහෙයුම් වාර්තාවලට අනුව, හෙරොයින් වැටලීම් 166,114කදී සැකකරුවන් 165,974ක් සහ අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 197,770කදී සැකකරුවන් 198,050ක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ගංජා වැටලීම් 148,964කදී සැකකරුවන් 147,696ක් ද, කුෂ් සහ හෂීෂ් වැටලීම් 7,470කදී සැකකරුවන් 7,376ක් ද, කොකේන් වැටලීම් 307කදී සැකකරුවන් 307ක් ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.