මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 236කට රතු නිවේදන - විදෙස්ගත අපරාධකරුවන්ට ජාත්‍යන්තර දැලක්
By Malith Madushan
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධව මෙරටින් පළාගොස් සිටින පුද්ගලයන් 236 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.
එම පිරිස අතරින් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බව පොලිසිය සඳහන් කළේය. මේ අතර, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 37 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට රැගෙනවිත් ඇති බවද පොලිසිය පවසයි.
මීට අමතරව, ජාත්‍යන්තර පොලිස් සහයෝගීතාව යටතේ තවත් පුද්ගලයන් 42 දෙනෙකු මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
''ශ්‍රී ලංකාවේ දිනකට මත්ද්‍රව්‍ය හා මත්පැන් නිසා මරණ 100ක් දක්වා වර්තාවේ'' - විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්