එන්නත් මිලදී ගැනීමේ වියදම ඉහළ යන ලකුණු - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් UNICEF සමඟ නව වැඩපිළිවෙළක්

Report

ලෝක බැංකු ආදායම් වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නැවත වර්ගීකරණය කිරීමත් සමඟ, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා එන්නත් මිලදී ගැනීමේදී මෙතෙක් හිමිවූ ඇතැම් සහන අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු පවසයි.

ඒ හේතුවෙන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි, එන්නත් මිලදී ගැනීම සඳහා UNICEF සමඟ හවුල්ව කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවට ඇතැම් එන්නත් සහනදායී මිල ගණන් යටතේ ලබාගැනීමට හැකිව තිබූ නමුත්, ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට ඇතුළත් වීමත් සමඟ ඉදිරියේදී අවශ්‍ය සියලුම එන්නත් සඳහා සම්පූර්ණ පිරිවැය දැරීමට සිදුවන බව ඔහු පැවසීය.

“ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අවශ්‍ය සියලුම එන්නත් UNICEF හරහා මිලදී ගැනීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා සම්පූර්ණ මුදල අපට ගෙවීමට සිදුවෙනවා,” යනුවෙන් නිලධාරියා සඳහන් කළේය.

මෙම වෙනස හේතුවෙන් ඇතිවන අමතර වියදම කොපමණදැයි විමසූ විට, එය මේ වනවිට ගණනය කරමින් පවතින බවද ඔහු පැවසීය.

“කොපමණ වියදමක් දැරීමට සිදුවුවත් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට කිසිදු ආකාරයකින් බලපෑමක් ඇති කිරීමට අපට බැහැ. ඒ නිසා එන්නත් නියමිත වේලාවට මිලදී ගැනීමට අපි වගබලා ගන්නවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අවුරුදු 12-18 අතර ළමුන්ගේ මාධ්‍ය හැකියාව පෙන්වන්න විශේෂ අවස්ථාවක් - සැප්තැම්බර් 4,5,6 තෙදින පොලිස් මාධ්‍ය අංශය සූදානම්

අවුරුදු 12-18 අතර ළමුන්ගේ මාධ්‍ය හැකියාව පෙන්වන්න විශේෂ අවස්ථාවක් - සැප්තැම්බර් 4,5,6 තෙදින පොලිස් මාධ්‍ය අංශය සූදානම්

මේ සම්බන්ධයෙන් වන මෙහෙයුම් ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත බවද වාර්තා වේ. ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට ලෝක බැංකු සමූහය විසින් 2026 ජූලි 1 වැනිදා නිකුත් කළ නවතම රටවල් ආදායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස නැවත වර්ගීකරණය කර තිබේ.

දළ ජාතික ආදායම (GNI) අනුව රටවල් 218ක් වාර්ෂිකව වර්ගීකරණය කරන ලෝක බැංකුව, මෙම වසරේදී පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට උසස් කළ රටවල් පහ අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබේ.

ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය එලෙස ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට උසස් කළ අනෙකුත් රටවල් වේ. ඖෂධ මිලදී ගැනීමටත් නව ක්‍රමවේදයක් මේ අතර, ඇතැම් ඖෂධවල පවතින හිඟය සැලකිල්ලට ගනිමින්, ඖෂධ මිලදී ගැනීම සඳහාද විශේෂ ප්‍රසම්පාදන ක්‍රමවේදයක් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) කළමනාකරණ සේවා කාර්යාංශයේ ප්‍රසම්පාදන කාර්යාලය විසින්, අවම එක්සත් ජාතීන්ගේ තත්ත්ව සහතික කිරීමේ අවශ්‍යතා සපුරාලන ඖෂධ නිෂ්පාදකයන්, සැපයුම්කරුවන් සහ තොග වෙළෙඳුන් සමඟ දිගුකාලීන ගිවිසුම් (LTAs) කිහිපයක් ස්ථාපිත කර ඇත.

වැඩිහිටි HIV ප්‍රතිවෛරස ඖෂධ, වැඩිහිටි සහ ළමා ක්ෂය රෝග ප්‍රතිකාර සඳහා වන ඖෂධ, මැලේරියා ප්‍රතිකාර ඖෂධ, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සහ අවස්ථාවාදී ආසාදන සඳහා ඖෂධ, හෙපටයිටිස් B සහ C සඳහා ඖෂධ මෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා අවශ්‍ය ඖෂධද මෙම දිගුකාලීන ගිවිසුම් යටතේ ලබාගත හැකිය.

නිලධාරියාට අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 80ක් පමණ මේ වනවිට සුරක්ෂිත කරගෙන ඇති නමුත්, ඇතැම් පිළිකා ප්‍රතිකාර ඖෂධවල හිඟයක් තවදුරටත් පවතී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 236කට රතු නිවේදන - විදෙස්ගත අපරාධකරුවන්ට ජාත්‍යන්තර දැලක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 236කට රතු නිවේදන - විදෙස්ගත අපරාධකරුවන්ට ජාත්‍යන්තර දැලක්