Gen Z AI එක්ක ළඟම මිතුරෙක් වෙයි - පෞද්ගලික ගැටලුත් AI සමඟ කතා කරනවා නම් පරිස්සමින්

Report

ආසියා පැසිෆික් කලාපයේ (APAC) කෘත්‍රිම බුද්ධිය (AI) වැඩිම වශයෙන් භාවිත කරන පරම්පරාව Gen Z බව Kaspersky සමාගමේ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.පර්යේෂණයට අනුව, කලාපයේ Gen Z ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩක් එනම් සියයට 50ක් දිනපතා හෝ සෑම දිනකට ආසන්නව AI භාවිත කරන අතර, ඔවුන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් AI සමඟ මිතුරෙකු සමඟ මෙන් සම්බන්ධ වන බව පවසා තිබේ.

AI මේ වනවිටත් Gen Z තරුණයන්ගේ දෛනික ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත්ව ඇති අතර, ඔවුන්ගෙන් සියයට 57ක් තොරතුරු සෙවීම සඳහාත්, සියයට 54ක් අධ්‍යයන කටයුතු සඳහාත්, සියයට 50ක් නව අදහස් නිර්මාණය කිරීම සඳහාත් AI භාවිත කරන බව සමීක්ෂණයෙන් හෙළි වී ඇත.

කෙසේ වෙතත්, Gen Z AI සලකන්නේ ප්‍රායෝගික මෙවලමක් ලෙස පමණක් නොවේ. APAC කලාපයේ Gen Z ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 32ක් AI මිතුරෙකු ලෙස භාවිත කරන බව සඳහන් කර ඇති අතර, එය අනෙකුත් පරම්පරාවලට වඩා ඉහළ ප්‍රතිශතයකි.

මෙම ප්‍රවණතාව ඉන්දුනීසියාව (39%), වියට්නාමය (35%), තායිලන්තය (34%), මැලේසියාව (33%) සහ ඉන්දියාව (32%) යන රටවලද දක්නට ලැබේ.

මේ අනුව, AI තාක්ෂණය නිශ්චිත කාර්යයන් සඳහා පමණක් භාවිත කරන මෙවලමක සිට සංවාදය, මානසික සහාය සහ සහචරත්වය සඳහාද ඇතැම් පුද්ගලයන් යොමුවන තාක්ෂණයක් බවට පත්වෙමින් පවතින බව Kaspersky පෙන්වා දෙයි.

රොබෝවරු ක්‍රීඩා පිටියට බසී - චීනයේ හියුමනොයිඩ් ක්‍රීඩා උළෙලේ අලුත්ම පෙරළිය

රොබෝවරු ක්‍රීඩා පිටියට බසී - චීනයේ හියුමනොයිඩ් ක්‍රීඩා උළෙලේ අලුත්ම පෙරළිය

පෞද්ගලික ගැටලු පිළිබඳවත් AI සමඟ කතා කරයි AI සමඟ පෞද්ගලික කරුණු සාකච්ඡා කිරීමේ ප්‍රවණතාවද Gen Z අතර ඉහළ මට්ටමක පවතී. APAC කලාපයේ Gen Z ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 34ක්, වෙනත් පුද්ගලයන් සමඟ බෙදා ගැනීමට අකමැති පෞද්ගලික ගැටලු පිළිබඳව AI සමඟ සාකච්ඡා කරන බව පවසා තිබේ.

වියට්නාමයේ එම ප්‍රතිශතය සියයට 42ක් ලෙස ඉහළම අගය වාර්තා කර ඇති අතර, ඉන්දියාව සියයට 37ක් සහ ඉන්දුනීසියාව සියයට 36ක් ලෙස ඊළඟට සිටී.

AI සමඟ සිදුකරන සංවාද පෞද්ගලික සහ මානසිකව සහාය ලබාදෙන අත්දැකීමක් ලෙස හැඟිය හැකි නමුත්, AI මිනිස් මිතුරෙකු නොවන බව Kaspersky අවධාරණය කරයි.AI මගින් ලබාදෙන පිළිතුරු වැරදි හෝ නුසුදුසු විය හැකි අතර, පරිශීලකයන් සාමාන්‍ය අන්තර්ජාල සේවාවකට වඩා වැඩි සංවේදී තොරතුරු ප්‍රමාණයක් එවැනි සේවාවන් සමඟ බෙදා ගැනීමට ඉඩ තිබේ.

AI භාවිතය වැඩි වුවත් ආරක්ෂිත පුරුදු ප්‍රමාණවත් නොවේ Gen Z තරුණයන් AI භාවිතය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටියද, එම භාවිතය සමඟ ඇති අවදානම් පිළිබඳව ඇතැමුන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බව පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

APAC කලාපයේ Gen Z ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 45ක් AI සේවා භාවිත කරන විට නිරන්තරයෙන් ආරක්ෂිත පියවර ගන්නා බව පවසා ඇති අතර, සියයට 51ක් එවැනි පියවර ගන්නේ ඇතැම් අවස්ථාවලදී පමණක් බව සඳහන් කර තිබේ.

මැලේසියාවේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 54ක් ආරක්ෂිත පියවර ගන්නේ ඇතැම් අවස්ථාවලදී පමණක් බව පවසා ඇති අතර, චීනයේ එම අගය සියයට 60ක් විය. ඉන්දුනීසියාවෙන් වාර්තා වූ අගය සියයට 43ක් ලෙස අඩුම මට්ටමක පැවතුණි.

AI මගින් ලබාදෙන වැදගත් තොරතුරු වෙනත් විශ්වාසදායක මූලාශ්‍ර හරහා පරීක්ෂා කිරීම සහ රහස්‍ය හෝ සංවේදී තොරතුරු AI සමඟ බෙදා නොගැනීම වැනි සරල පියවර මගින්ද ආරක්ෂාව වැඩි කරගත හැකි බව Kaspersky පවසයි. AI අධ්‍යාපනය, සන්නිවේදනය සහ පෞද්ගලික තීරණ ගැනීම සඳහා වැඩි වශයෙන් භාවිත වන බැවින් මෙවැනි ආරක්ෂිත පුරුදු තවදුරටත් වැදගත් වේ.

AI මගින් ජනනය කරන වැරදි තොරතුරු අධ්‍යාපනික කටයුතු සහ දෛනික තීරණවලට බලපෑම් කළ හැකි අතර, AI සංවාද සඳහා පුද්ගලික ලේඛන, මුරපද, මූල්‍ය තොරතුරු, සෞඛ්‍ය තොරතුරු සහ පෞද්ගලික පණිවිඩ වැනි සංවේදී දත්ත ඇතුළත් විය හැකිය.

AI දැනුම සමඟ සයිබර් ආරක්ෂණ දැනුමත් අවශ්‍යයි වැදගත් කරුණු සම්බන්ධයෙන් AI ලබාදෙන එක් පිළිතුරක් මත පමණක් රඳා නොසිට, විශ්වාසදායක වෙනත් මූලාශ්‍ර මගින් තොරතුරු තහවුරු කරගැනීම වැදගත් බව Kaspersky පෙන්වා දෙයි.

විශේෂයෙන් අධ්‍යාපනික, මූල්‍ය, නීතිමය සහ වෛද්‍ය කරුණු වැනි සංවේදී ක්ෂේත්‍රවලදී වැරදි තොරතුරු බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකිය. මුරපද, ගෙවීම් තොරතුරු, අනන්‍යතා ලේඛන, පෞද්ගලික ලිපි හුවමාරු සහ අනෙකුත් රහස්‍ය තොරතුරු AI සේවා සමඟ බෙදා නොගන්නා ලෙසද පරිශීලකයන්ට උපදෙස් දී තිබේ.

Gen Z තරුණයන් සඳහා Kaspersky විසින් “Case 404” නමින් අන්තර්ක්‍රියාකාරී අන්තර්ජාල ක්‍රීඩාවක්ද හඳුන්වාදී තිබේ. සැබෑ ඩිජිටල් තර්ජන ආශ්‍රයෙන් නිර්මාණය කළ සිද්ධි ඔස්සේ වංචා, phishing ප්‍රහාර සහ සංකීර්ණ ඩිජිටල් වංචා හඳුනාගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම එහි අරමුණයි.

Kaspersky AI Technology Research Centre හි Group Manager ව්ලැඩිස්ලාව් තුෂ්කානොව් පැවසුවේ Gen Z පරම්පරාව නව AI ප්‍රවණතා පිළිබඳව අනෙකුත් පරම්පරාවලට වඩා හොඳ අවබෝධයක් ඇති අතර, අධ්‍යාපනය, සන්නිවේදනය සහ දෛනික ජීවිතයට AI එක්කර ගැනීමට නව ක්‍රම සොයමින් සිටින බවයි. “කෙසේ වෙතත්, පෞද්ගලික බවක් දැනෙන AI සංවාදයක් පෞද්ගලික හෝ සම්පූර්ණයෙන්ම විශ්වාසදායක සංවාදයක් ලෙස නොසැලකිය යුතුයි.

තොරතුරු පරීක්ෂා කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සහ ලැබෙන පිළිතුරු පිළිබඳ විවේචනාත්මකව සිතීම වැනි පුරුදු තරුණ පරිශීලකයන් තුළ වර්ධනය විය යුතුයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

Kaspersky හි ආසියා පැසිෆික් කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ ඒඩ්‍රියන් හියා සඳහන් කළේ Gen Z පරම්පරාවේ දෛනික ජීවිතයේ AI ස්වභාවික කොටසක් බවට පත්ව ඇති බැවින්, එම සම්බන්ධතාව වඩාත් පෞද්ගලික වන විට විශ්වාස කළ යුතු දේ, බෙදාගත යුතු තොරතුරු සහ සීමා හඳුනාගැනීම අතිශය වැදගත් වන බවයි.

Kaspersky වෙළඳපොළ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් 2026 මාර්තු මාසයේදී සිදුකළ මෙම සමීක්ෂණයට රටවල් 18ක ප්‍රතිචාර දැක්වූවන් 7,200 දෙනෙකු සහභාගී වී තිබේ.

පැරිස් අසල ඉදිවන Dragon Ball Z උද්‍යානයට සෞදියෙන් බිලියන 7ක්

පැරිස් අසල ඉදිවන Dragon Ball Z උද්‍යානයට සෞදියෙන් බිලියන 7ක්