ලංකාවම බයෙන් හිටපු විනාසේ වෙන්න ද යන්නේ? ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති ඉරාන නෞකා ගැන රජයෙන් දැනුම්දීමක්[UPDATE]

Report

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බවයි.

එසේම ඔහු පවසා ඇත්තේ එම නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත් රැඳී සිටින බැවින්, ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවකට නොමැති බවත්, එම නෞකාවලට පහසුකම් සැපයීමක් සිදුනොකරන බවත් ය.

මේ අතර තම වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකාවට තවත් ගිනි ගෙඩියක් - ඇමරිකා ඉරාන යුද ගැටුම් මැද ඉරාන තෙල් ටැංකි 11 ක බලඇණියක්ම ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදේ නවතියි

ශ්‍රී ලංකාවට තවත් ගිනි ගෙඩියක් - ඇමරිකා ඉරාන යුද ගැටුම් මැද ඉරාන තෙල් ටැංකි 11 ක බලඇණියක්ම ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදේ නවතියි

ඒ අනුව වාර්තා වූයේ අමෙරිකාව යොදා ඇති නාවුක බාධකය හේතුවෙන් අදාළ නෞකාවලට, ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වී ඇති බවයි.

එවැනි පසුබිමක ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13කට ආසන්න සංඛ්‍යාවක් සහ සම්බාධක මගහරින නෞකා හෙවත් 'ෂැඩෝ ෆ්ලීට්' නෞකා කිහිපයක් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව මේ වනවිට නැංගුරම් ලා සිටින බවට ද ඇතැම් තොරතුරු වාර්තා වේ.

කෙසේ වුවත් අදාළ නෞකා මේ වනවිට ඉන්ධනවලින් තොර බව ද වාර්තා වෙන බව සඳහන්.

නැවත කිසිම දවසක ලංකාවේ දේශපාලන වේදිකාවල මේවා ගැන කතා කරන්න බෑ - ජනපතිගෙන් තීරණයක්

නැවත කිසිම දවසක ලංකාවේ දේශපාලන වේදිකාවල මේවා ගැන කතා කරන්න බෑ - ජනපතිගෙන් තීරණයක්

ඉකුත් මාර්තු මාසයේදී අමෙරිකානු සබ්මැරීනයක් විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 19ක් දුරින් තිබූ අයිරිෂ් ඩේනා නෞකාවට පහර දී ගිල්වා දැමීමේ පසුබිම යටතේ, මේ වනවිට ශ්‍රී ලංකාව ආශ්‍රිතව නැංගුරම්ලා ඇති නෞකාවලටද ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවද වාර්තා වේ.

කෙසේ වුවද ජාත්‍යන්තර නීතිය යටතේ මධ්‍යස්ථ රටක වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා විහිදෙන එම රටේ භෞමික ජල සීමාව තුළ රැඳීසිටින නෞකාවලට පහර දීමට අමෙරිකා එක්සත් ජනපදයට අවසර හිමි නොවන බව සඳහන්.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්