ලංකාවට හොද කාලයක් සුභ ආරංචියක් එළියට

Report

 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් බවයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළදී ඉන්දියාවෙන් සංචාරකයින් 44,741ක් පැමිණ ඇති අතර එය 29.2% වේ.

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

එමෙන්ම එක්සත් රාජධානියෙන් 12,128ක්, රුසියාවෙන් 10,450ක්, චීනයෙන් 10,408ක්, ජර්මන් 8,950ක් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයින් 7,226ක් ද ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 29 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,878,557කි. ඉන් සංචාරකයින් 420,033ක් ඉන්දියාවෙන්, 132,594ක් රුසියාවෙන් සහ 174,021ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඩොලරය වේගයෙන් ඉහළට - රුපියලට දැඩි ප්‍රහාරයක්

ඩොලරය වේගයෙන් ඉහළට - රුපියලට දැඩි ප්‍රහාරයක්

එමෙන්ම ලොව පුරා ශීත ඍතුව එළැඹීමත් සමගම ඊයේ (31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් පැමිණ ඇත. ඊයේ උදෑසන 09.50ට පමණ පෝලන්තයේ කටෝවිස් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එම යාන පැමිණි අතර, ඒවා ගුවන් තොටුපොළ වෙත පිළිගෙන ඇත.

මෙහි දෙවන ගුවන් ඊයේ දහවල් 11.00ට පමණ පෝලන්තයේ වෝර්සෝ නුවර සිට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි බව වාර්තා වෙයි.

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ