සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට
By Kanchana
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 12 ජිව උණ්ඩයක් සමඟ යම් අපරාධයක් සිදුකිරීම සූදානමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කර තිබේ.
තවද පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන බඩෝ විට අසංක සහ සැන්ඩෝ යන අයවලුන් සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයකු බවයි.
ඒ වගේම මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව කළුබෝවිල කඳවුරේ නිලධාරීන් විසින් කළුබෝවිල විමලසාර මාවතේ නිවසක් වැටලීමෙනි.
තවද අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොහුවල පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.