හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවා සඳහා නව අධ්‍යක්ෂ කාර්යාලයක්

Report

ශ්‍රී ලංකාව තුළ හදිසි අනතුරු හා කම්පන තත්ත්වයන්, මාර්ග අනතුරු සහ දරුණු හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන් හේතුවෙන් සිදු වන හදිසි රෝහල්ගතවීම් වර්ධනය වෙමින් පවතින බැවින්, එම තත්ත්වයන්ට හදිසි ප්‍රතිචාර දැක්වීම පිණිස පවත්නා සීමිත සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ හා ප්‍රමිතිගත ව්‍යූහයක් යටතේ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවාවන්ගේ සම්බන්ධීකරණය, නියාමනය සහ ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක් (Directorate of Accident and Emergency Care System) පිහිටුවීමට යෝජනා වි ඇත.

එම අධ්‍යක්ෂ කාර්යාලය පිහිටුවීම මඟින් හදිසි සෞඛ්‍ය සේවාවන් එක් ව්‍යූහයක් යට‌තේ ඒකාබද්ධ කරමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර මාර්ගෝපදේශ, යොමු කිරීමේ මාර්ග සහ ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රමවත් ලෙස ශක්තිමත් කිරීමටයි හැකියාව ලැබී තිබේ.

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

  ඒ අනුව සිය අමාත්‍යාංශය යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක් පිහිටුවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.