අවුරුදු 88යි සා.පෙළ ලියන්න ඇවිත්!
By Dilasha
අඟුරුවාතොට ප්‍රබුද්ධගම ගමේ පදිංචි 88 වියැති විශ්‍රාමික ගුරුවරියක් ඊයේ (26) උදෑසන හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයට පැමිණ තිබුණේ මෙවර අ.පො.ස සා/පෙළ විභාගයේ දෙමළ විෂය ලියන්නටය.
ඇය නමින් කේ. මිසිලින් නෝනාය.
සිය බාල දියණිය සමඟ ඇය එලෙස විභාග ශාලාව වෙත පිය නැගුවේ අවුරුදු 16ක තම මුනුබුරු මිනිබිරියන්ගේ වයසේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ විභාගය ලියන්නටය. තමන් සමඟ දෙමළ විෂය විභාගයට මුහුණ දෙන ආච්චි අම්මාට දරු දැරියන් සැවොම සුභ පතා ඇති බව වාර්තා වේ.