ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

Report

අද (27) දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

Trending News

ශුක්‍රාණු ධාතු බැංකුවට එන ඇමතුම් - කැමතිනම් දෙන්න පුළුවන්

ශුක්‍රාණු ධාතු බැංකුවට එන ඇමතුම් - කැමතිනම් දෙන්න පුළුවන්

අලුත් අවුරුද්දට ලැබෙන සහන මල්ල - කාටද මේක හම්බුවෙන්නේ?

අලුත් අවුරුද්දට ලැබෙන සහන මල්ල - කාටද මේක හම්බුවෙන්නේ?

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

එමෙන්ම මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

හම්බන්තොට සිට ගාල්ල, කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එමෙන්ම සුළං ගිණිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වනු ඇත. තවද, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය සිට මද වශයෙන් රළු ස්වභාවයක් ගනියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.  

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

පුතාගේ මරණය තවම දන්නේ නැහැ... තාත්තා එනකල් කල් ගිය අවසන් ගමන

පුතාගේ මරණය තවම දන්නේ නැහැ... තාත්තා එනකල් කල් ගිය අවසන් ගමන