''ගල්අ­ඟුරු ගැටලුව දිග­ටම අරන් යන්නේ මාධ්‍ය නාළිකා කිහි­ප­යක් විත­රයි, ඔවුන්ගේ බොරු­වට වැඩි ආයුෂ නෑ '' ඇමති ප්‍රසන්නගෙන් චෝදනා

Report

විප­ක්ෂයේ පිරි­සක් සමඟ නාළිකා කිහි­ප­යක් දිගින් දිග­ටම ගල්අ­ඟුරු මිල දී ගැනීමේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය තාක්ෂ­ණික කමිටු මඟින් නිසි පරිදි සිදු­කර තිබි­යදී එහි වර­දක් සිදුව තිබෙන බව පෙන්වා දීමට උත්සාහ කරන බවත්, ඔවුන්ගේ බොරු­වට වැඩි ආයුෂ නොමැති බවත් ප්‍රවා­හන හා මහා­මාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා සදහන් කර ඇත.

 ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ දේශ­පා­ල­නය අද උද්ඝෝ­ෂණ හා විරෝ­ධතා තිබෙන ස්ථාන­ව­ලට ගොස් ලෙයින් ලියා පොරොන්දු දෙන මට්ටම දක්වා ලඝු වී ඇති බව ප්‍රකාශ කර තිබේ .

නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේ මහ­නු­වර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

මේ රැස්වීම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත හා මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය සරත් අබේ­කෝන් යන මහ­ත්ව­රුන්ගේ සම සභා­ප­තී­ත්ව­යෙන් මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී පවත්වා තිබේ

එහිදී තව දුරටත් වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා  ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

“ගල්අ­ඟුරු සම්බන්ධ කති­කාව දිගින් දිග­ටම අරන් යන්නේ මාධ්‍ය නාළිකා කිහි­ප­යක් විත­රයි. ඔය පිළි­බඳ සාකච්ඡා ඇමැ­ති­ව­ර­යාත්, නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යාත් අදාළ නිල­ධා­රී­නුන් පැහැ­දි­ලිව ඉල­ක්කම් සහි­තව පෙන්වා දුන්නා. පාර්ලි­මේ­න්තුවේ දව­සක විවා­ද­යක් ගියා. ඒ දවසේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී­වරු ඉල­ක්කම් සහි­තව පෙන්වා දුන්නා. ඒ විදි­හට කරුණු කාරණා පැහැ­දි­ලිව ඉදි­රි­පත් කරද්දී ඒවා ඇහෙන්නේ නැත්නම් ඒ ගැන එතැ­නින් එහාට අපට කරන්න දෙයක් නැහැ. පසු­ගිය කාලයේ ගල්අ­ඟුරු ටෙන්ඩර් ගියේ කොහො­මද කියන එකත් දැන් මේක පාර­දෘශ්‍ය භාව­යෙන් සිදු කෙරෙන්නේ කොහො­මද කියන එකත් පේන්න තියෙ­නවා.

ඒ සියලු දේව­ලුත් තාක්ෂ­ණික කාර­ණාත් සමඟ පෙන්වා දී තිබි­යදී වංචා­වක් සිදුව තිබෙන බවට බොරු කිය­මින් ඒක ඉදි­රි­යට ඇද­න්යන්න හද­නවා නම් ඒකට වැඩි අයුෂ නැහැ. යම් කාර­ණා­වක් ටික කාල­යක් බොරු­වට ඇද­ගෙන යන එක විප­ක්ෂයේ ලක්ෂ­ණ­යක්. ස්ට්‍රයික් එකක් පික­ටින් එකක් තියෙන්නේ කොත­නද විපක්ෂ නාය­කයා එතන. ඒ තැන්ව­ලට ගිහින් ලෙයින් අත්සන් කර දෙන්නම් කිය­නවා. ඒක තමයි ඒ අයගේ දේශ­පා­ල­නය. 

සිය­ලුම තාක්ෂ­ණික කමි­ටු­ව­ලින් මේ ගල්අ­ඟුරු මිලට ගැනීමේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය නියම විදි­හට කර තිබෙ­නවා. අපි ඉදි­රි­පත් කළ ටෙන්ඩ­ර­යට අනුව ගල්අ­ඟුරු ප්‍රමි­ති­යෙන් යුතුව නොලැ­බු­ණොත් ඒ සම්බ­න්ධ­යෙන් නීති මඟින් කට­යුතු කර­නවා. වන්දි ලබා ගැනී­මට පිය­වර ගන්නවා. ඒ ගැන කතා කරද්දී විප­ක්ෂය හා නාළිකා කිහි­ප­යක් බොරු­වක් සමා­ජ­ගත කරන්න හද­නවා.”