දේශපාලන පක්ෂ ලෙසින් සහය ගන්නේ නැහැ කිව්වා තමයි, ඒ වුණත් විපක්ෂයේ හොඳ මිනිස්සු 11 අපි හොයා ගත්තා......
නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විසින් රූපවාහිනී වැඩසටහනක දී කියා සිටියේ කොළඹ නගර සභාවේ බලය සමගි ජන බලවේගයෙන් ලබා ගැනීමට උත්සාහ කරනුයේ විසි වූ පරාජය වූ කණ්ඩායම් එකතු කරගෙන බවයි.
එම අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් පවතින තත්ත්වය ද පැහැදිලි කළා.
ඒ අනුව “දකුණු බොරැල්ල ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගයේ සෙව්වන්දි කොස්තා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 738යි, සජබේ වෛද්‍ය හනීෆා ලබා ගත් ඡන්ද ප්‍රතිඵලය 472යි. එතකොට මේ ගමන ප්‍රථම වරට තරඟ කරපු පොඩි නංගි කෙනෙක්, ඒ් නංගිට පරාදයි නගරාධිපති අපේක්ෂක වෛද්‍ය රුවේස් හනීෆා. නගරාධිපති අපේක්ෂකයා පරාජයට පත්වෙලා කොළඹ නගර සභාවේ බලය සමගි ජනබලවේගයෙන් ගන්න හදනවා විසි වෙච්ච කණ්ඩායම් එකතු කරලා. සාධාරණයි ද? අපේ නියෝජිතයෝ 48යි. ඒ ගොල්ලන්ගේ නියෝජිත ප්‍රමාණය 29යි. අපිට බලය පිහිටුවන්න 11ක් මදි. ඒ ගොල්ලන්ට බලය පිහිටුවන්න 30ක් මදි. වඩා සාධාරණ වෙන්නේ බලය පිහිටුවන්න අපි ද?…සජබ ද?… අපි කිව්වා දේශපාල පක්ෂ පක්ෂ ලෙසින් සහය ගන්නේ නැහැ කියලා. මේ කණ්ඩායම් අතරේ ඉන්නවා මේ රට හදන්න මේ නගරය හදන්න ආදරය කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙන් අපිට 11දෙනෙක් ඇවිල්ලා හදන එක සාධාරණයි. ජයග්‍රහණය කරපු ස්වාධීන අපේක්ෂකයන් අපිත් එක්ක දැනටමත් ඔය 11ට වැඩිය කතා කරලා තියෙනවා. ඒ නිසා විපක්ෂයට අපි කියනවා සමගි ජන බලවේගයට දැන් ඔයගොල්ලේ බලය පිහිටු වීම වෙනුවෙන් මහන්සි වෙන්න එපා. විපක්ෂයේ කණ්ඩායම් අතර ඉන්න ප්‍රගතිශීලී මිනිස්සු අපි කරා ඇවිල්ලා ඉවරයි. ඉතිං ඒක නිසා විපක්ෂය ඕනි තරම් කතා කර හිටපු දෙන්. “
