ඔනලයින් ගුරු වර්ජනය අදත්...අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිටී..

Sri Lanka Covid case Teacher strike
By Aruna Jul 14, 2021 05:15 AM GMT
Report

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ගුරු සංගම් ආරම්භ කළ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මකය.

ගුරු වෘත්තීය සමිති පවසන්නේ සිය ඉල්ලීම් පිළිබඳව රජය මේ දක්වා නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට හේතුවී ඇති බවය.

විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනු ඇත.

මේ හේතුවෙන් සිසුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now