අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහරිමින් මිනිසුන් රවටන දැවැන්ත ජාවාරම..
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (28) පස්වරුවේ ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් ලබාගෙන මෙරට තුළ වියලි ආහාර බෙදහරින ආයතනයක් වටලනු ලැබීය.
මෙම වැටලීමේදී එහි තිබී කල්ඉකුත් වූ භාණ්ඩ කිහිපයක් සොයාගත් එම නිලධාරීන් නීති රෙගුලාසිවලින් තොර භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන් අදාළ භාණ්ඩ තොගයට මුද්‍ර තබන ලදි.
තොටළඟ පිහිටි ස්ථානයකදීයි, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබුණේ.
එහිදී සිදුකළ සොයාබැලීමේදී පළමුව අනාවරණ වුයේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදෙන ඇණවුම් මත ඔවුන්ගේ මෙරට සිටින ලබැඳියන්ට අදාළ භාණ්ඩ මෙම ආයතනය මගින් බෙදාහරින බවය.
මෙහිදී අදාළ ස්ථානය පරීක්ෂා කළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ තිබී කල් ඉකුත් වූ තේ කොළ පැකට් කිහිපයක් සොයාගෙන තිබේ.
වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී කල්ඉකුත් වූ පොල් තෙල් බෝතල් තොගයක් සහ දින වෙනස් කළ පොල්තෙල් බෝතල් තොගයක් සොයාගෙන ඇත.
එමෙන්ම අදාළ පොල්තෙල් නැවත කල්ඉකුත් වීමේ දින වෙනස් කර බෙදාහරින බවත් මෙහිදී අනාවරණ වුණි.
