ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවන් ගැන විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Online education Online class School childrens
By Aruna Sep 14, 2021 02:31 AM GMT
Aruna

Aruna

Report

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ දරුවන් උපකාරක පන්ති සදහා යොමු කිරීමේදී මවුපියන් එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබද දැඩි අවධානයකින් පසුවිය යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ඔන්ලයින් ඉගැන්වීම්වලදී දරුවන් විවිධ අපචාරයන්ට ලක්විමේ සිද්ධීන් කිහිපයක් ඉකුත් සමයේ වාර්තා වී තිබුණා.

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ උපකාරක පන්ති පවත්වන අතරතුර 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක් පානදුර දිග්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉකුත්දා වාර්තා වුණා.

අදාළ දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔන්ලයින් උපකාරක පන්ති සදහා යොමුවන දරුවන් අපරචාර ක්‍රියාවලට ලක්වීමේ එවැනි සිද්ධීන් කිහිපයක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කරුණු විමසීමකදී කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha