ගුරු දෙවිවරු වසල වැඩක..ජනපති කාර්‍යලයට එන වාහන වල හුලං අරියි (VIDEO)

strike teachers online class presindential office nishshanka senadeera
By Sewvandhi Jul 23, 2021 01:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරියේ දී ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ වාහනයේ හුළං බැස්සවීමකට ලක්කර තිබේ.

සිය වැටුප් වර්ධක ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඔහු මෙම ගැටළුවට මැදි විය.

ඒ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය ඇතුළු වීමට පැමිණි සේනාධිපති මහතාගේ වාහනය විරෝධතාකරුවන් විසින් අවහිර කරනු ලැබීය. කිහිපදෙනකු ඔහුගේ වාහනය ටයර් වල හුලං බැස්සවීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන් ඉන් පසුවද කියා සිටියේ වර්ජනය තවදුරටත් ඉදිරියටත් සිදුකරන බවයි.

අන්තර්ජාල හරහා ඉගැන්වීමේ කටයුතු ද තවදුරටත් වර්ජනය කරන බවද වෘත්තීය සමිති නායකයන් කියා සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha