ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
ඒ අනුව, මෙම නව පනත සම්මත වූ පසු, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු වන බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එසේම, එම පනතට අදාළ යම් රෙගුලාසි තිබේ නම්, ඒ සියල්ල ද අහෝසි වනු ඇත.
එම ගැසට් නිවේදනය
ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත by rishma