ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී වැල්ලවායේ අනතුරක්

Report

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටවෙහෙරගල විහාරස්ථානය අසල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබේ.

එම අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි වැල්ලවාය අංජලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දාහතක පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

ඉන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත .

 මෙම අනතුර සම්බධයෙන් ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ මෙම අනතුර සම්බධයෙන් වැල්ලවාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අද සවස 4 දක්වා නැවත මේ අයට රතු නිවේදන

අද සවස 4 දක්වා නැවත මේ අයට රතු නිවේදන