ප්‍රභල රටවල් දෙකක ලොක්කෝ දෙන්නෙක් ලංකාවට
විපත් වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන පැකේජයක් ලබාදීමට අද (22) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සංචාරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් මත සිදු කෙරෙයි.
එමෙන්ම, චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි සහන පැකේජයක් රැගෙන දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) මෙරටට පැමිණීමට නියමිතය.
චීන රජයේ නියෝජිතයා ඇතුළු මෙම පිරිස මෙරටදී දෙදිනක් රැඳී සිටිමින් ජනාධිපති, අගමැතිනිය හා අනෙක් උසස් නිලධාරීන් සමඟ හමුවීම් කිහිපයකට සහභාගී වීමට සැලසුම් කර ඇත.
ඉන්දියාව ආරම්භ කළ ‘සාගර බන්දු’ මෙහෙයුමේ අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස, ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට පැමිණ සහන පැකේජ ලබාදීමේ පියවරක් ගන්නා අතර, චීන නියෝජිතයා දෙදින සංචාරය අවසන් කිරීමෙන් පසු පිටත්ව යාමට නියමිතය.