ආපදා හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න – ලොව ප්‍රමුඛතම විද්‍යාඥයින් පිරිසක් ඉල්ලයි
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා හානි තත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට අදාල ණය ගෙවීම් තාවකාලික අත්හිටුවීමට ලෙස ලොව ප්‍රමුඛතම විද්‍යාඥයින් පිරිසක් ඉල්ලා තිබේ
ඒ අනුව නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මහජන අභියාචනයක් නිකුත් කර තිබෙන බව The Guardian වර්තා කර ඇත.
ලංකාවට බලපෑ ව්‍යසනයෙන් පසු නැවත ගොඩනැගීම සදහාඅ ජනතා ජීවනෝපායන් සුරැකීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ලබාදීමට, ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවා නැවත ණය ප්‍රතිසංවිධානයක් (debt restructuring) සිදු කළ යුතු බව එම ආර්ථික විද්‍යාඥයින්ගේ මතයයි.
තවද ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ආපදා තත්වය හැදින්වූයේ “අපේ ඉතිහාසයේ විශාලතම හා වඩාත්ම අභියෝගාත්මක ස්වාභාවික ව්‍යසනය” ලෙසයි.
මෙම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මතු වූ ආපදා තත්වය හේතුවෙන් මෙරට පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත නිවාස විනාශ විය. මෙම ව්‍යසනයට පෙර වාර්ෂික ආපසු ගෙවීම් රජයේ ආදායමෙන් 25% ක් වන බව වාර්තා වේ .
එය ජාත්‍යන්තර හා ඓතිහාසික ප්‍රමිතීන්ට අනුව ඉහළ මට්ටමකි. පාරිසරික විනාශයේ ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටි බව ගෝලීය ආර්ථික විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සදහන් කර තිබේ.
තවද අදාළ ඉල්ලීම සදහා ඉන්දියානු සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක් වන ජයති ගෝෂ් මෙන්ම තෝමස් පිකට්, හිටපු ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන්, සහ ඩෝනට් ඉකොනොමික්ස් එහි කතුවරිය වන කේට් රාවරත් ඇතුලු ආර්ථීක විශේෂඥයින් මෙම ඉල්ලීමට අත්සන් කර ඇති බව වාර්තා වේ.
එම විශේෂඥයින් විසින් තව දුරටත් පෙන්වා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වන විටත් ලබා ගෙන තිබෙන බවත් ඉදිරියේ දී තවත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බවයි.