දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Death Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 11, 2025 09:55 AM GMT
Hashini

Hashini

Report

මහියංගණය මාපාකඩ වැව නෙළුම් වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 58 ක් වූ අමුණුදෝව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මිය ගොස් ඇත.

ඔහු ඊයේ (10) බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට මහියංගණයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට ලක්ව ඇත.

කන්ටේනර් පිට කරානම් මාව හිරේ දාන්න - ඇමති බිමල්

කන්ටේනර් පිට කරානම් මාව හිරේ දාන්න - ඇමති බිමල්

අදාළ පුද්ගලයා සමග පැමිණි පිරිස ඔහුව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණද රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මෙසේ මියගොස් ති‌බෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

උඩ ගිය ඩොලරයට යළි පහලට රුපියල ඉහළට නව මිල මෙන්න

උඩ ගිය ඩොලරයට යළි පහලට රුපියල ඉහළට නව මිල මෙන්න

ReeCha