මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Sri Lanka Police Accident Death Sinhala news
By Hashini Jun 06, 2025 05:00 AM GMT
Hashini

Hashini

Report

වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදී.

කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක මෙලෙස ගැටී තිබෙනවා.

ප්‍රදේශ රැසක් අද අඳුරේ

ප්‍රදේශ රැසක් අද අඳුරේ

 

වෑන් රථය ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී ඇත.

එහිදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ පසුපැදිකාරිය නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.

ලංකාවත් ගාසාවක් වෙයිද? - ඊශ්‍රායල පල්ලි 4 ලංකාවේ..

ලංකාවත් ගාසාවක් වෙයිද? - ඊශ්‍රායල පල්ලි 4 ලංකාවේ..

මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර වෑන් රථ රියදුරු සහ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වෙනස් වෙන්න කටයුතු කරන්න...නැත්තම් අපි වෙනස් කරනවා - ජනපති (VIDEO)

වෙනස් වෙන්න කටයුතු කරන්න...නැත්තම් අපි වෙනස් කරනවා - ජනපති (VIDEO)

ReeCha