ඔයාමඩුවේ දරුණු රිය අනතුරකින් අයෙක් මරුට - හයකට තුවාල
ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබෙන බව අනුරාධපුර පොලිසිය පවසයි.
අනතුර ඔයාමඩුව ප්‍රදේශයේ සිදුව ඇති අතර, තුවාල ලැබූ අය අසනීප තත්ත්වයෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.
අද (12) දහවල් 1.30ට පමණ එම අනතුර සිදුව ඇති බව ඔයාමඩුව පොලීසිය පවසයි.
පොලිසිය අනතුරේ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරයි.